Sunday, November 8, 2026
HomeNEWSඇඳිරිනීතිය නොතකා රට පුරා උද්ඝෝෂණ රැල්ලක්

ඇඳිරිනීතිය නොතකා රට පුරා උද්ඝෝෂණ රැල්ලක්

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබුණද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අද (03) රට පුරා පැවැත්වුණි.

මෙහිදී විශ්වවිද්‍යාල රැසක සිසුන්ද දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාල සිසුන් සංවිධාන කළ විරෝධතාව විසුරුවාහැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටද පොලිසියට සිදුවුණි.

අද දහවල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ඇඳිරිනීතිය නොතකා ගලහ මංසන්ධියට රැස්ව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් ආරම්භ කළේය.

මෙහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවුණි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද පස්වරුවේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් විරෝධතා පෙළපාලියක් ආරම්භ කළේය.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් විජේරාම මංසන්ධිය දෙසට පැමිණීම වළක්වනු ලැබීය.

ඒ අතර කොළඹින් බැහැර ප්‍රදේශ බොහෝමයක ජනතාවත් ඇඳිරිනීතිය නොතකමින් විරෝධතා පැවැත්විය.

හම්බන්තොට සූරියවැව නගරයට යාබද ස්ථානයක විරෝධතාවක් පැවැත්වීමට පිරිසක් අද පෙරවරුවේ සූදානම් වූ අවස්ථාවේ එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණීමත් සමඟ ඇතිවූයේ නොසන්සුන් තත්ත්වයකි.

හොරණ වීදියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විදියගොඩ මංසන්ධියේ අද නිහඬ විරෝධතාවක් සිදුකර නැවත නිවස වෙත යමින් සිටියදී කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව තිබේ.

මේ අතර දිවුලපිටිය මරඳගහමුල ප්‍රදේශයේද අද විරෝධතාවක් පැවැත්වුණි.

එම අවස්ථාවේ ප්‍රෙද්ශයේ පිහිටි සිය පුද්ගලික කාර්යාලය වෙත ගමන් ගනිමින් සිටි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාද විරෝධය පැවති ස්ථානයට පැමිණියේය.

අද දින විරෝධතා මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබූ පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ඊයේ (02) පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා රට පුරා ඇඳිරිනීතිය පැනවීමට පියවර ගත්තේය.

එමෙන්ම එම කාලය තුළ අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක, වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළ ආදි පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින්ද ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේ නිකුත් කළේය.

ඒ අනුව ඊයේ රාත්‍රියේ සිටම නගර, නගර පිවිසුම් ස්ථාන සහ වැදගත් මර්මස්ථාන වෙත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ත්‍රිවිධ හමුදාව යොදවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img