සමාජ මාධ්‍ය වාරණය කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එම කොමිසම පෙන්වාදෙන්නේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තක්සේරු කිරීමකින් තොරව හදිසි නීතිය පැනවීම ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (03) පෙරවරුවේ පැවති අතර එහිදි මේ සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.
ඒ අනුව අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ පොලිස්පතිවරයා කොමිසම හමුවට කැඳවීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
ලබන අඟහරුවාදා දිනයේ දී අදාළ නිලධාරීන්ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබේ.
මේ අතර ඇඳිරිනීතිය පැනවීම අර්බුදය සමනයට පදනමක් නොවන අතර පීඩනයට පත් ජනතාව කුරිරු නීතියකින් දමා ගැසීම අවිචාරවත් අනාගතයක් වෙත දොරටු විවර කිරීමක් බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පෙන්වාදෙන්නේ, මෙරට සෑම පාලන තන්ත්රයක්ම වරින් වර තම බල ව්‍යාපෘති සඳහා ඇඳිරිනීතිය යොදාගෙන මෙරට පුරවැසියා මර්දනය කර ඇති බවය.
එබැවින් අර්බුදය සමනය කිරීම සඳහා මෘදු භාවිතාවක් වෙත ප්‍රවේශ වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව මාර්තු 12 ව්‍යාපාරය සිය නිවේදනය මඟින් දැනුම් දී තිබේ.






















