Sunday, November 8, 2026
HomeNEWSජනපති හා අගමැති අතර හමුවක් - වැදගත් තීරණ කිහිපයක් ?

ජනපති හා අගමැති අතර හමුවක් – වැදගත් තීරණ කිහිපයක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම හමුවේ දී වැදගත් දේශපාලන තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවය.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙන බවට අද පස්වරුවේ වාර්තා වුවද කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. 

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය බොහෝ දුරට ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වන්නේය.

මේ අතර, සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස ට තමා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එහිදී නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් කළ බව විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img