සියලු පක්ෂවලින් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස ට තමා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
එහිදී නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන යෝජනාවක් ද ඉදිරිපත් කළ බව විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඉදිරි දින කිහිපය තුළ දී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කළ යුතු බවට ජනාධිපතිවරයා ට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.
එමෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11ක නායකයින් සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (04) පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා විද්වතුන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේ දී හෙට පෙරවරු 10.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මෙහිදි රටේ පවත්නා වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජවාදී පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂවල නායකයින් සහභාගී වීමට නියමිතය.






















