Sunday, November 8, 2026
HomeNEWSජනතා හඬට සංවේදී වෙන්න - සිරිල් ගාමිණි පියතුමා

ජනතා හඬට සංවේදී වෙන්න – සිරිල් ගාමිණි පියතුමා

පවතින පීඩනය හමුවේ ජනතා හඬට සංවේදී වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව සිරිල් ගාමිණි පියතුමා පවසයි.

උන්වහන්නේ පවසන්නේ ජනතා හඬ මර්දනකාරි ලෙස පාලනය කිරීමට කටයුතු නොකරන ලෙසය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව ප්‍රකාශ කළේය.

“ජනතාව මේ මුහුණදිලා තියෙන ඉතාම වේදනාකාරී ඉතාම පීඩාකාරී ඒ වගේම ජනතාවට උහුලාගන්නට බැරි ආර්ථික අර්බුදය මේ දේවල්වලින් පීඩාවට පත්වෙලා සිටින මේ ජනතාවගේ දුක වේදනාවට අපි කතෝලික සභාවක් හැටියට අතිශයින් සංවේදී.  ඒ වගේම කතෝලික සභාවක් හැටියට මේ ජනතාවත් එක්ක හිටගන්නවා කියන එකත්. ඒ වගේම ඒ අයගේ දුක වේදනාව බෙදාහදාගන්නා බවත් ප්‍රකාශ කරනවා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ  කරුණාකරලා මේ ජනතාවගේ පීඩාවට වේදනාවට සංවේදී වෙලා ජනතාව ඒ ප්‍රකාශ කරන ප්‍රජාතන්ත්‍රවාදී අවිහිංසාවාදී විදිය මර්දනය කරන්න ට උත්සාහ කරන්නට එපා කියලා.”

මිරිහාන, පැගිරිවත්ත පාර ප්‍රදේශයේ උද්ඝෝෂණය අතරතුර ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන්ට සිදුකළ ප්‍රහාර හෙළාදකින බවද සිරිල් ගාමිණි පියතුමන් එහිදී ප්‍රකාශ කළේය. 

“සිදුවෙච්ච මේ අවාසනාවත්ත සිදුවීමේ දී මාධ්‍යවේදීන් ගණනාවකට පහර දීම් සිදුවෙලා තිබෙනවා. ඒ අයට බාධා කිරීම් සිදුවෙලා තිබෙනවා. අපි ඉතාමත්ම තරයේ හෙළා දකිනවා. ජනමාධ්‍ය හරහා තමයි අපි රටේ සිදුවන දේවල් දැනගන්නේ. අපේ ව්‍යවස්ථාවෙන්ම තහවුරු කරලා තියෙනවා ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස.  මහජනතාවට තිබෙන ඒ අයිතිය ලබා දෙන්නේ මාධ්‍යන් හරහා ඒ නිසා මාධ්‍ය මර්දනය කිරීම ජනතාවගේ නිදහසේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නැති කිරීම. මේ මාධ්‍යට පහරදීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img