අද (03) දිනයේ ලොව පුරා රටවල් රැසක වෙසෙන ශ්‍රී ලංකිකයින් විරෝධතා සංවිධාන කර තිබුණි.
ඔස්ට්‍රේලියාවේ මෙල්බන්, පර්ත්, කැන්බරා සහ හෝබාට් යන නගරවල මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේදීත් අද දැවැන්ත විරෝධතා කිහිපයක් පැවැත්වුණි.
කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරි කාර්යාලය ඉදිරිපිට දී එම උද්ඝෝෂණය පැවැත්වුණේ විශාල ජනතාවකගේ සහභාගීත්වයෙනි.
මිරිහානේ දී උද්ඝෝෂකයින්ට පහරදීම, හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම, පාලකයින් මහජන දේපළ සුරාකෑම ආදි රජයේ විවිධ ක්‍රියාකාරකම්වලට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වුණි.
මේ අතර ජපානයේ සහ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද අද විරෝධතාවයේ නිරත වුණි.
ජර්මනියේද මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙමින් තිබෙන අතර අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක සිටින තවත් ශ්‍රී ලාංකිකයන් අද දිනයේදී විරෝධතා සංවිධාන කර තිබේ.




























