Sunday, November 8, 2026
HomeNEWSමනුෂ්‍ය ඝාතන දෙකක්

මනුෂ්‍ය ඝාතන දෙකක්

දිවයිනේ තැන් දෙකක මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

තංගල්ල පොලිස් වසමේ, මහවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට තංගල්ල පොලීසියට තොරතුරක් ලැබී ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 39ක් වු වැලිආර දකුණ, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, අක්මීමන පොලිස් වසමේ නියාගම ජනපදය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 58ක් වු නියාගම ජනපදය, අක්මීමන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය සිදුවු ස්ථානයේ ම තබා ඇත.

අනියම් සම්බන්ධතාවයක් මත ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු මේ වනවිට පළා ගොස් තිබේ.

සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img