Sunday, November 8, 2026
HomeNEWSව්‍යාජ ඒජන්සියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ඒජන්සියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

බලපත්‍රයක් රහිතව ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙර විගමණික පුහුණුව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ ලියාපදිංචි කිරීමට තරුණයින් පිරිසක් කැඳවාගෙන ආ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේය.
 
පෞද්ගලික ආයතනයක් රුමේනියා රජයේ කම්කරු රැකියා ලබාදෙන බව පවසමින් යාපනය ප්‍රදේශයේ තරුණයින් 7 දෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයට කැඳවාගෙන විත් තිබේ.

එම ආයතනයට විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කර නොමැති බව අනාවරණය වූ පසු පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීන් විශේෂ විමර්ශන අංශයට ඒ පිළිබඳ දැනුම්දී ඇති බව සඳහන් වේ.

අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් එම ආයතනයෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img