රුසියානු හමුදා සිදුකර ඇති බවට චෝදනා එල්ලවන යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන ලෙස යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් පවසා තිබේ.
යුක්‍රේන ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමග සාකච්ඡාකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුක්‍රේනයේ බුකා ප්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ව සමූල ඝාතනය කර ඇති බවට රුසියානු හමුදාවට චෝදනා එල්ලවෙයි.
එම චෝදනාව රුසියානු හමුදා හෑල්ලුවට ලක්කිරිම සදහා සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශයක් බව රුසියාව චෝදනා කරයි.
මේ අතර අමෙරිකාව පවසන්නේ රුසියානු ආයෝජන තහනම් කිරීම ඇතුළු සම්බාධක පැනවීමට කටයුතු කරන බවය.
රුසියාවෙන් ගල්අඟුරු ගෙන්වීම තහනම් කිරීම ඇතුළු තවත් සම්බාධක, යුරෝපා කොමිසම විසින් යෝජනා කර ඇති බව වාර්තා විය.






















