ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන්නේ ඊයේ දින එම අනතුරු සිදුව ඇති බවය.
දංඹ්විට පොලිස් වසමේ මහනුවර – කොළඹ මාර්ගයේ තිත්තවැල්මංකඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යතුරුපැදියක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබුණි.
මේ අතර යාපනය මහනුවර මාර්ගයේ කිලෝ මීටර් 54ත් 53ක් කණු අතර ඉන්ධන හල අසලදී සිදුවූ රිය අනතුරකින් 62 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
දඹුල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව තිබුණි.
මේ අතර ගලගෙදර පොලිස් වසමේ ගලගෙදර – රඹුක්කන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 84 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ඇත.
මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී එම අනතුර සිදුව තිබුණි.






















