ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එහිදී රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඉදිරි දින කිහිපය තුළ එම අර්බුදවලට විසඳුම් ලබාදීමට ද හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා සඳහන් කළේය.
“ඉදිරි දින කිහිපය තුළ තෙල් අර්බුදයටත්, විදුලි හා ගෑස් අර්බුදයටත් ප්‍රධාන වශයෙන් ජනතාව මුහුණදෙන මේ අර්බුද තුනට විසඳුම් ලබාදෙන්න කටයුතු කරනවා. තව පැය කිහිපයක් ඇතුළත නව කැබිනට් මණ්ඩලය පත්කරයි. ඒ කැබිනට් මණ්ඩලය පත්කරලා අපි නව වැඩසටහනක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කටයුතු කරනවා. විපක්ෂයේ කවුරුත් මේ වෙනවිට කැමැත්ත පළ කර නැහැ. ඒ නිසා ආණ්ඩුව තුළින්ම නව කැබිනට් මණ්ඩලයක් පත්වෙයි. දිනයක් හෝ දින දෙකක් ඇතුළත පත්වෙයි. බැසිල් රාජපක්ෂ සහභාගි වුයේ නෑ. කැබිනට් මණ්ඩලයට කිසිදු නමක් මේ වන විට යෝජනා කරලා නෑ.”
අරලියගහ මන්දිරියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා.
“මුදල් පනත ගේනවා උදේ පාර්ලිමේන්තුවට. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජනතා විරෝධතා එක්ක ඇතිවෙලා තියෙන ප්‍රචණ්ඩත්වය හා මේ කියන තත්ත්වයන් සමනය කරන්න මොනවා ද කරන්න ඕනේ කියන කාරණා ගැන සාකච්ඡා කළා. රසායනික පොහොර දෙන්න යන තීරණය ගැන පසුගිය දිනකත් සාකච්ඡා කළා. ඒ අදාළ තීරණය අරන් තියෙනවා. රසායනික පොහොර අපි ලබාදෙනවා ගොවීන්ට. අපි බැලුවේ වඩා හොඳ කාබනික පොහොර ලබාදීමේ කාරණය ගැන. ඉතින් අපේ බහුතරය තියෙනවා. අපිට සතුටුයි තුනෙන් දෙක රැකගන්න පුළුවන් වුණානම්. නැවතත් ඒ අය එක්ක කථා කරලා නැවත ආණ්ඩුවට ගන්න කටයුතු කරගෙන යනවා. මොකද ඒ අය අපිත් එක්ක මේ සටනේ හිටිය අය නිසා.”






















