බෝයිං 757-200 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හදිසි ගොඩබෑමක දී ගිනි ගැනීමකට ලක් ව ඇත.
පසුගිය 8 වනදා මධ්‍යම අමෙරිකානු රටක් වන කොස්ටාරිකා හි ජොන් සැන්තාමරියා ජාත්‍යාන්තර ගුවන්තොටුපොළේ දී එම අනතුර සිදුව තිබේ.
ඩී. එච්. එල් සමාගමේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා එම ගුවන් යානය යොදාගෙන තිබුණි.
හදිසි ගොඩබෑමේදී ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා යාම හේතුවෙන් එහි පිටුපස කොටස ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් ට හානි සිදුවී නොමැති බව සඳහන් වෙයි.
මේ හේතුවෙන් එම ගුවන්තොටුපොළ තාවකාලිකව වසා තිබේ.
එම අනතුර හේතුවෙන් ගුවන් ගමන් 57කට පමණ බාධා එල්ල වු බව වාර්තා වේ.






















