දිවයිනේ ප්‍රධාන වාරි ජලාශවල ජල මට්ටම 67% දක්වා ඉහළ ගොස් තිබේ.
රාජාංගනය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු 2ක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේය.
අප්‍රේල් 15 වනදා සිට මැයි මස මුල් සතිය අවසන්වීමට පෙර වගා කටයුතු සිදුකරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේය.






















