කොම්පඤ්ඤවීදිය, කොළඹ 2 ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි ඉන්දීය ජාතික තරුණයෙක් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ තරුණයා නිවසේ වහලය සකස් කරමින් සිටිය දී බිමට ඇද වැටී තුවාල ලබා ඇත.
පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ වයස 22ක් වු ඉන්දීය ජාතික තරුණයෙකි.
මියගිය තරුණයා කොළඹ 2 ප්‍රදේශයේ පිහිටි වැඩබිමක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකු බවට අනාවරණය වී තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















