ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙසට බලකරමින් කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවය දස වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
එම විරෝධයට ඊයේ (17) රාත්‍රීයේත් විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.
මෙහිදී ප්රක්ෂේපණ තාක්ෂණය භාවිත කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මතට සටන් පාඨ සහිත සිතුවම් ආලෝක ධාරා මගින් පතිත කිරීමට විරෝධතාවයේ නිරත පිරිස කටයුතු කිරීම විශේෂත්වයකි.
කෙසේවෙතත් මෙලෙස ආලෝකධාර පතිත කිරීම ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි පොලිස් නිලධාරින් විසින් වැළැක්වීමට උත්සාහ කළේය.
දේශීය ශාන්තිකර්ම ශිල්පීන් විසින් සංවිධාන කළ නර්තනාංග රැසක්ද ඊයේ රාත්‍රියේ අරගල භූමියේ පැවැත්වුණි.






















