අද (25) දිනයේ සිට දින තුනක් සැලසුම් කළ දෛනික විදුලි කප්පාදුව පැයකින් අඩු කිරීමට තීරණය කර තිබේ.
ඉන්ධන අර්බුදය හමුවේ අද දිනයේ සිට දින තුනක් දෛනික විදුලි කප්පාදුව පැය 4යි මිනිත්තු 30 දක්වා සිදුකිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.
කෙසේ වෙතත් කැලණිතිස්ස බලාගාරයට ප්රමාණවත් ඉන්ධන ලැබීම හේතුවෙන් එම විදුලි කප්පාදුව පැයකින් අඩු කල බව විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේ සිට දින තුනක් විදුලි කප්පාදුව සිදුවනේ පැය 03 මිනිත්තු 20 ක කාලයක් පමණක් බව එම මණ්ඩලය සඳහන් කළේය.
එහිදී A සිට L දක්වා කලාපවලට සහ P සිට W කලාප සඳහා පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
එම කලාප සඳහාම පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා පැයයි මිනිත්තු 20 කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර කොළඹ නගරය ආශ්රිතව අදාළ දින තුන සඳහා උදෑසන 6 සිට රාත්රී 9 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.






















