Sunday, November 8, 2026
HomeNEWSරජයෙන් තොරතුරු දෙන්න අලුත් ක්‍රමයක්

රජයෙන් තොරතුරු දෙන්න අලුත් ක්‍රමයක්

සතියේ දින 7 පුරාම ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ජනතාව වෙත තොරතුරු ලබාදීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

දැන් පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා.

“අද සමාජ ජාලා හරහා විවිධ දේවල් සන්නිවේදනය කිරීම ඉතා ප්‍රබල මට්ටමක තියෙනවා. මෙලෙස සන්නිවේදනය වන තොරතුරුවල සත්‍ය තොරතුරු වගේම අසත්‍ය තොරතුරුත් තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන තොරතුරක් තවත් කෙනෙක් අසත්‍යයි කියලා ප්‍රකාශ කලත්. අවසානේදී හරි දේ කුමක්දැයි ජනතාවට දැනගන්න ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට වැඩ භාරගත්තට පස්සේ මේ වනවිට සාකච්ඡා කරලා තියෙනවා අපේ කණ්ඩායම සමඟ අපේ තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය පුළුවන්තරම් වර්ධනය කරන්න ඒ අනුව තමයි අපි තීන්දුවක් අරන් තියෙන්නේ සතියේ දවස් 7ම අපේ අමාත්‍යංශය හරහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා ඒ අවස්ථාවේ වැදගත්ම දේවල් සම්බන්ධයෙන් ජනතාවට අවශ්‍යකරන තොරතුරු ලබාදෙන්න එතකොට අපේ මාධ්‍යවේදීන්ට පුළුවන් ප්‍රශ්න අහලා ඒවා පිළිබඳව තවදුරටත් නිවැරදි කිරීම් කරගන්න.” 

“ඊට අමතරව වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙනුත් අපි තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට වෙනම වැඩසටහනක් සතියට එක දවසක් හෝ දවස් දෙකක් රජයේ නිත්‍යානුකූල පද්ධතිය හරහා හුවමාරුවන තොරතුරුවල වැරදි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීමට බලාපොරොත්තු වනවා. එතකොට ඔබ දන්නවා අදාළ සතිය තුළ ප්‍රචාරය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ලබාදීම සිදුකරනවා.”  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img