Monday, November 9, 2026
HomeNEWSවැලිවේරිය කුරිරු ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි

වැලිවේරිය කුරිරු ඝාතනයේ තවත් තොරතුරු හෙළිවෙයි

වැලිවේරිය, වෑබඩ ප්‍රදේශයේ නිවසකදී සිය සැමියාගේ පිහි පහරින් මියගිය 33 හැවිරිදි කාන්තාව සහ එම සිද්ධිය සම්බන්ධයෙන් තව තවත් තොරතුරු හෙළිවී තිබේ.

මේ එම තොරතුරු පිළිබඳ කෙටි සටහනකි.

33 හැවිරිදි අප්සරා කල්පනී වෘත්තියෙන් බාහිර කථිකාචාර්යවරියකි. 

ඇය විවාහ වී සිටියේ 37 හැවිරිදි ලේල්වල ගම්ආරච්චිගේ මියසිය සමගය.

ඔහු පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කළේය.

ඔවුන් දෙදෙනා මීට වසර 3කට පමණ පෙර විවාහ වී තිබුණි.

තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත් අධ්‍යාපන කටයුතු සඳහාත් ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව විදෙස්ගත වීමට තීරණය කළේය.

ඔවුන්ගේ තෝරාගැනීම වූයේ නවසීලන්තයයි.

ඒ අනුව විදෙස්ගත වීමට අවශ්‍ය වීසා ලබාගැනීමට ඔවුන් දෙදෙනා අවශ්‍ය කටයුතු සිදුකළ අතර අවාසනාවන්ත ලෙස මියසිය ට කොරෝනා ආසාදනය විය.

එබැවින් ඔහුගේ වීසා අනුමත වූයේ නැත.

නමුත් ඔහු තීරණය කළේ අප්සරා ට නවසීලන්තය ට යෑමට අවස්ථාව ලබාදීමටය. ඒ ඔහු පසුව එරටට යෑමේ බලාපොරොත්තුවෙනි.

නමුත් අප්සරා නවසීලන්තයට යෑමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර විරසකයක් වර්ධනය විය.

ඥාතීන් පවසන්නේ දුරකථනය ඔස්සේ දෙදෙනා සැමවිට එකිනෙකාට චෝදනා කරගත් බවය.

අවසානයේ අප්සරා සිය සැමියාගෙන් වෙන් වීමට අවශ්‍ය බව දන්වා තිබුණි.

නමුත් මියසිය එය ට දැඩිසේ විරුද්ධ විය.
  
පසුව ඔවුන් දෙදෙනා අතර කතා කිරීම පවා නැවතී තිබුණි.

අප්සරා පසුගිය 22 වනදා මෙරටට පැමිණ ඇත්තේ සිය සැමියාට නොදන්වාය.

සිය වැඩිමහල් දියණිය මෙරටට පැමිණිම සම්බන්ධයෙන් අප්සරාගේ මව පැවසුවේ මෙවැන්නක්.

“මෙයා මාව බලන්න හදිස්සියේ ආවේ දවස් 14කට. මේක ලෝකෙටම යනවා. මං පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවා.  ප්‍රශ්න තිබුණා. නමුත් මට ඒක ලැබුණේ නෑ. හොඳම ශිෂ්‍යයා විදියට ශිෂ්‍යත්වය ලබන්න හිටිය ළමයා මේ. මාව මරනවා කියලා තර්ජනය කළා. මම කරපු පැමිණිල්ල විභාග කළේ නෑ. වැලිවේරිය පොලීසියට මම පැමිණිල්ල කරලා තියෙන්නේ. කාන්තා හා ළමා කර්යාංශයට පැමිණිලි කළා.”

අප්සරා මෙරටට පැමිණි බව දැනගත් මියසිය පසුගිය 24වදා රාත්‍රීයේ අප්සරා පදිංචිව සිය වැලිවේරිය, වෑබඩ ප්‍රදේශයේ නිවසට කාටත් නොදන්වා ගොස් තිබුණි.

කිසිවෙක් බලාපොරොත්තු නොවූ මොහොතක සිය සැමියාව දුටු අප්සරා කලබල වී නිවෙසින් පැන යාමට තැත්කර තිබුණි.

නමුත් සිය සැමියා එල්ලකළ මාරාන්තික පිහිපහරින් ඇය බිම වැටුණු අතර ඇය බේරා ගැනීමට තැත්කළ අප්සරාගේ සොයුරියට සහ යෙහෙළියකට ද තුවාල සිදුවිය. 

පසුව මියසිය ද එම තියුණු ආයුධයෙන් සිය ගෙල පිටුපස කපාගනිමින් අසල පිහිටි ළිඳකට පැන සියදිවි නාසා ගැනීමට උත්සාහ කර ඇත.

පසුව බේරාගත් අසල්වාසීන් ඔහුව රෝහල්ගත කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිවේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img