Monday, November 9, 2026
HomeNEWSපොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026

සජිත් ප්‍රේමදාස මැතිතුමා,

විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ.

ගරු විපක්ෂ නායකතුමනි,

සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාද ලබා ගැනීම.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරවමින් සහ මේ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමක් අපේක්ෂාවෙන් මෙම ලිපිය යොමු කරමි.

පසුගිය කාලසීමාව තුළ මෙරට සම්බුද්ධ ශාසනයට සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව විවිධාකාරයේ ප්‍රචණ්ඩකාරී හා අපහාසාත්මක ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රාජ්‍යයට පවරා ඇති වගකීම පවා නොසලකා හරිමින්, නීතිය ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන වල ක්‍රියා කලාපයන් මෙන්ම වත්මන් ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය අවකාශයන් තුළ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර ගනිමින් සිදු කරන ප්‍රචාරණයන් ද බරපතළ අවධානයට ලක්විය යුතු තත්ත්වයක පවතී.

එමෙන්ම, පසුගිය කාල සීමාව තුළ වත්මන් ආණ්ඩුවට අවාසිදායක හෝ ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් තීන්දු හා නියෝග ලබාදුන් අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීමට ලක්වීම සම්බන්ධයෙන් ද සමාජය තුළ බරපතළ සැක සංකා සහ ප්‍රශ්න කිරීම් මතුවෙමින් පවතී. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව කරුණු පැහැදිලි කිරීම අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ඉහත කරුණු දෙකම මෙරට ආගමික සංහිදියාව, බුද්ධ ශාසනයේ ආරක්ෂාව, අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය කෙරෙහි සෘජුවම බලපාන අතිශය වැදගත් ජාතික කාරණා බව අවධාරණය කරමි.

එබැවින්, හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේදී විවාද දෙකක් ලබා ගැනීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

තවද, ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයවැය විවාදය හමුවේ මෙම ජාතික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගේ අවධානය වෙනතකට යොමු වීමේ අවදානමක් පවතී. අයවැය විවාදයේ කාර්ය බහුලත්වය හමුවේ මෙවැනි බරපතළ කරුණු යටපත් වීමට ඉඩ නොතැබීම සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල වගකීමක් බව ද පෙන්වා දෙමි.

එබැවින්, මෙම කරුණු සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර, අදාළ පාර්ලිමේන්තු විවාද දෙක ලබා ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුමය හා දේශපාලනික ක්‍රියාමාර්ග ගන්නා මෙන් නැවතත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී.

නීතිඥ සාගර කාරියවසම්

මහ ලේකම්,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ මුළු කානු පද්ධතියම පසුගිය වසර 2ක තුළ පිරිසිදු කර නඩත්තු කරලා නෑ-පාඨලී

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී...

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්. ​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ...

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img