Monday, November 9, 2026
HomeNEWS2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන්.

​2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් නොවැම්බර් 08 වන දින කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

​උත්සව භූමිය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමියට පොපි මලක් පළඳවා පිලිගත් අතර, තූර්යවාදක කණ්ඩායම් පෙරටු කරගනිමින් ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය. අනතුරුව විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටි පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ හමුදා සාමාජිකයන් සිහිපත් කෙරෙන ස්මාරකය වෙත අග්‍රාමාත්‍යතුමිය ප්‍රමුඛ ආරාධිත අමුත්තන් විසින් ගෞරවාන්විතව පුෂ්පෝපහාර පුද කරන ලදී.

​මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කොළඹ ගං වතුරෙන් ජනතාවට වුණු පාඩුවට ආණ්ඩුවෙන් වහාම වන්දි ලබාදිය යුතුයි-ගම්මන්පිල

2026 නොවැම්බර් 9 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් ඉතිහාසයේ කිසිම දිනක නොවුණු අයුරින් පසුගිය සිකුරාදා, ඒ...

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් සමග සේවා සැපයීම ඇරඹේ. ඌණ-උපයෝජිත රාජ්‍ය දේපළ මහජන යහපත උදෙසා යොදාගැනීමේ ජාතික වැඩපිළිවෙළට මෙය කදිම නිදසුනක්...

ගිං ගඟේ ජල මට්ටම ඉහළට..තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් තවලම, හිනිදුම, බද්දේගම, නාගොඩ, දිවිතුර යන ප්‍රදේශවල පහත් බිම්වලට සුළු ගං වතුර තත්ත්වයක්; අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව...

ආණ්ඩුව මර්ධනකාරී අණපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක-සාගර කාරියවසම්

වත්මන් ආණ්ඩුව මර්ධනකාරී අනපනත් තුළින් බලය තහවුරු කරගැනීමේ උත්සහයක..........   ලංකාවේ සොරකම් නතර කර, පොහොසත් රටක්, සශ්‍රීක රටක් නිර්මාණය කිරීමට පැමිණි වත්මන් ආණ්ඩුව මෙතෙක් සිටිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img