Sunday, November 8, 2026
HomeNEWSචීනයෙන් අලුත් ණයක් ?

චීනයෙන් අලුත් ණයක් ?

දැනට පවතින ණය ගෙවා දැමීම සඳහා චීනයෙන් තවත් ණයක් ලබාදීමට යෝජනා කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට පවතින වත්මන් ණය ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයට පිලියමක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටළුසහගත බැවින් චීනය මෙම තීරණයට එළඹෙනු ඇති බවය.

චීනය විසින් මේ වනවිට ලෝකයේ විවිධ රටවල් වෙත ණය ලබා දී ඇති නිසා එක රටකට පමණක් මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදකාරී තත්ත්වයක් වනු ඇති බව චීනයේ ස්ථාවරයයි.

මේ වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 4ත් 5ත් අතර ප්‍රමාණයක් මෙරට හදිසි මුදල් අවශ්‍යතාවක් පවතින බවද එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා IMF සමඟ කළ සාකච්ඡාවට අනුව බටහිර රටවල් වෙතින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රකාශ කෙරිණි.

“මේ වෙලාවේ රටේ තියෙන විශාල ආර්ථික අර්බුදයත් එක්ක අපිට අමෙරිකානු ඩොලර් බිලියන හතරක පහක අවශ්‍යතාවක් තියෙනවා. හදිසි මුදල් අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා. ඒ සඳහා තමයි අලි සබ්රි අලුත් මුදල් ඇමතිතුමා ගිහිල්ලා IMF ආයතනයත් සමඟ සාකච්ඡා කළේ. එතැනදී අපි IMF එකෙන් බලාපොරොත්තු වෙනවා ආධාරවලට අමතරව මේ රටේ දැනට තියෙන විදේශ සංචිත ඌනතාව නිසා දැනට තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවකුත් තිබෙනවා. අපි දැනටමත් දැනුම්දීලා තියෙනවා අපේ ණය හිමියන්ට අපිට ණය ගෙවීමේ හැකියාවක් නෑ කියලා. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතාකරන විට අපි දන්නවා අපිට ණය දෙන කඳවුරු කිහිපයක් තියෙනවා. එකක් තමයි බටහිර, අනික තමයි චීනය වගේ රටවල්. එතකොට බටහිර රටවල් බොහෝදුරට මේ IMF එකෙන් දැනට ලැබිලා තියෙන අනුමැතියත් සමඟ මේ කාරණයට සාධනීය ලෙස සහය දෙන්න ඉඩ තිබුනත් චීනය දැනට දක්වන ස්ථාවරය තමයි. ඔවුන් ලෝකේ පුරාම විවිධ රටවලට ණය දීලා තිබෙනා නිසා එක රටකට පමණක් ඒ ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ගියොත් ඒක ඔවුන්ගේ අනික් රටවල්වලටත් බලපානවයි කියලා. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට අපේ දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්නට සූදානම් කියලා ඉතින් මේක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img