වරාය අධිකාරියට සිදුකරනු ලබන සියලු නැව් ගාස්තු ඩොලර් මඟින් ගෙවීමට වරාය හා නාවික කටයුතු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව නැව් සමාගම් විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත මීට පෙර රුපියල් හරහා සිදුකරන ලද ගෙවීම් ජුනි පළමු වනදා සිට අමෙරිකානු ඩොලර් මඟින් ගෙවිය යුතු බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඩොලර් ආදායම ඉහළ නැංවීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙමඟින් එම අධිකාරියට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇති බව ද වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.






















