රථවාහන ධාවනයට බාධා ඇතිවන බව පවසමින් ගාලු මුවදොර වටරවුමේ සකසා තිබූ වේදිකාවක් ඉන් ඉවත් කිරීමට පොලීසිය අද (01) අලුයම කටයුතු කර තිබුණි.
පසුව විරෝධතාකරුවන් අදාළ වේදිකාව මාර්ගයේ පසෙකින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.ෙ
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැත්වෙන “මයිනා ගෝ ගම” විරෝධය ද තවදුරටත් පැවැත්වේ.
ඊයේ රාත්රියේ එහි අටවා තිබූ අට්ටාලයක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.
ගාලු මුවදොර විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ පොලීසිය සහ විරෝධතාකරුවන් අතර බහින්බස් වීමක් ද ඇතිවුණි.
මේ අතර, ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලු මුවදොර දී පැවැත්වෙන ජන අරගලයට අදට දින 23ක් ගතව පවතී.
ඊයේ මෙන්ම අද උදෑසනත් විශාල පිරිසක් ගාලු මුවදොර විරෝධතාවට එක්ව සිටිනු දක්නට ලැබුණි.
අරගල භූමියේ ඊයේත් (30) විවිධ ඉදිරිපත් කිරීම් සංවිධානය කර තිබුණි.






















