Sunday, November 8, 2026
HomeNEWSපාස්පෝට් ගන්න ඉන්න අයට පණිවුඩයක්

පාස්පෝට් ගන්න ඉන්න අයට පණිවුඩයක්

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ (එක් දින සේවය හැර) සාමාන්‍ය සේවා යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එළැඹෙන සඳුදා (09) සිට ආදාළ සේවා ඇරඹෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව සඳුදා දිනයේ භාරගැනීම සිදුකරන්නේ ලබන්නේ මැයි මස  5, 6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ ඉල්ලුම්පත් පමණි.

මැයි 10 වෙනිදා සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වේ.

මීට අමතරව, http://www.immigration.gov.lk/ වෙබ් අඩවිය වෙත පිවිස හෝ 0707101060 යන දුරකතන අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සිදු කළ හැකියි.

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවා ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරනු ලබන සේවා සහ ගුවන්තොටුපල ආගමන විගමන සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

හැකි ඉක්මනින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත්කිරීමට කටයුතු කරන බවත් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුව කනගාටුව ප්‍රකාශකරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img