Sunday, November 8, 2026
HomeNEWSගෑස් පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

ගෑස් පාරිභෝගිකයින් ට දැනුම්දීමක්

ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ගෑස් තොග තමන් සතුව නොමැති බව ලිට්‍රෝ සමාගම අද (08) සඳහන් කළේය.

අද දිනයේ නිවාඩු දිනයක් වුවත් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයෙන් ගෘහස්ත ගෑස් සීමිත ප්‍රමාණයක් බෙදාහැරීමට නිකුත් කර තිබුණි.

ලිට්‍රෝ සමාගමෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීම සඳහා තොග නොමැති අතර අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවය.

මෙවැනි පසුබිමක ගෑස් ඉල්ලා අදත් ප්‍රදේශ රැසක ජනතාව ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වුණි.

මහරගම නාවින්න ඉන්ධන පිරවුම්හලේ ගෑස් අලෙවිසැල අසල අද උදෑසන නොසන්සුන් තත්ත්වයක් ද හට ගත්තේය.

මේ අතර ඊයේ පස්වරුවේ ජම්පටා වීදිය ප්‍රදේශයේ ගෑස් මිලදී ගැනීමට පැමිණි ජනතාවද මාර්ගය අවහිර කරමින් සිය විරෝධය පළ කළේය.

තමන්ට ගෑස් සිලින්ඩර් ලබාදෙන්නැයි පවසමින් කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී ප්‍රදේශවාසීන් විසින් ඊයේ රාත්‍රියේ විරෝධතාවයක නිරත වුණි.

මෙහිදී රථ වාහන ගමනාගමනයට පවා බාධා එල්ල වු අතර විරෝධතාවය අද දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරුණි.

මෙම විරෝධතාවය අතරතුර පිරවුම්හලට ගෑස් ලොරියක් පැමිණ ඇති අතර ඉන් ගෑස් බෙදාදීමට කටයුතු කිරීමේදී ජනතාව ගෑස් ලොරියට නැග සිලින්ඩර ලබාගෙන තිබේ.

මෙම අවස්ථාවේ ගෑස් සිලින්ඩර සොරකම්කර ඇති බවටද වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමෙන් අප කළ විමසීමකදී ඔවුන් පැවසුවේ සිලින්ඩර 100කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අස්ථානගතවී ඇති අතර ඒවා සොයගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කරන බවය.

මේ අතර හැටන් නගරයේ සති 3ක පමණ කාලයක සිට ගෑස් නොමැතිව ලිට්‍රෝ අලෙවි නියෝජිත කාර්යාලය වසාදමා ඇති අතර ඒ හේතුවෙන් හැටන් නගරයේ ආපනශාලා රැසක් වැසී ගොස් තිබේ.

මේ අතර පවතින ගෑස් හිඟයට විසදුමක් ලෙස ජනතාව භූමිතෙල් භාවිතයට යොමුවුවත් දිවයිනේ ප්‍රදේශ රැසකින් භූමිතෙල් හිඟයක්ද වාර්තාවී ඇත.

දිවයිනේ ප්‍රදේශ රැසකම තවදුරටත් දැඩි ඉන්ධන හිඟයක් ද පවතී.

රට තුළ ඩීසල් හිඟය ද උග්‍ර වී ඇති අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට දින ගණනාවකින් ඩීසල් තොග ලැබී නොමැති බව අනාවරණය විය.

කෙසේවෙතත් මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් අද දිනයේත් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කෙරුණු ආකාරය දක්නට ලැබුණි.

පවතින වාතාවරණය යටතේ අත්‍යාවශ්‍යම කාර්යයන් සඳහා පමණක් ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටී.

එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසන්නේ අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කරගැනීමෙන් වළකින ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img