යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (11) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
අද පෙරවරුවේ ඔවුන් දෙදෙනාට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
පසුගිය 09 වනදා රට තුළ සිදුවූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පියවර නොගැනීම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනාට මෙලෙස මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.
එමෙන්ම වෙඩිතැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.






















