Sunday, November 8, 2026
HomeNEWSආරක්ෂක ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නිරත නොවන ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පවසන්නේ අරගලය ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ජය ගැනීමට තරුණ පිරිස් කටයුතු කළ යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා,

“මේ හැමකෙනෙක්ම අපේ රටේ පුරවැසියෝ. ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ අපේ මිනිස්සු. ඉතින් මොන දේශපාලන අදහස් දැරුවත් මොන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ හැමකෙනෙක්ම ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා අද මේ අරගලයට එකතුවෙලා ඉන්න දුවලා පුතාලාගෙන් මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා දුවේ, පුතේ මේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නවත්වන්න. ඔබට අවශ්‍ය විදියට ප්‍රජාතන්ත්‍රවාදි විදියට කාටවත් හිංසාවක් නොකර දේපළ රජයේ වේවා, පෞද්ගලික දේපළ වේවා ඒවා ගිනි තියන්නේ නැතිව සාමකාමී විදියට ඔබේ අරගලය ගෙනියන්න. එහෙම නැතුව අපේම රටේ අපේ සහෝදර ජනතාවගෙන් කොටසක් මරා දමන්න, තලා දමන්න ඒ අයගේ දේපළ ගිනි තියන්න, විනාශ කරන්න කටයුතු කරන්න එපා. එහෙම වුණොත් නීතිය හා සාමය ආරක්ෂා කරන්න බැඳී සිටින අයගෙන් නීතිය අතට ගත්තොත් අපේ රටට අනාගතයක් නෑ. දුවේ, පුතේ මේ රට අයිති ඔබටයි. එහෙම නම් නොසන්සුන්කාරී විදියට හැසිරෙන එක නවත්වලා, ඔබේ අරගලය සාමකාමී විදියට පවත්වාගෙන යන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img