දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන තුනක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසයි.
ඉංගිරිය පොලිස් වසමේ ගල්වැටවත්ත, ඌරුගල ප්‍රදේශයේදී පුතා විසින් තම පියාට පොල්ලකින් පහරදී ඝාතනයක් සිදුකර තිබේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (10) රාත්‍රීයේ එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 49 හැවිරිදි ගල්වැටවත්ත, ඌරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිසුකරයි.
මේ අතර කැලණිය පොලිස් වසමේ කොල්ලුවත්ත පිලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර දේපළ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 69 හැවිරිදි කොල්ලුවත්ත, පිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා නිවසේ නිදාගෙන සිටියදී එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසියට තොරුතුරු අනාවරණය වී තිබේ.
ඝාතනය සිදුකළ සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර මරදන්කේනි පොලිස් වසමේ වෙත්තිලකේනි ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර පාළු ඉඩමක වළ දමා තිබේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති අතර පසුගිය 09 වනදා එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් අත්තේ, 39 හැවිරිදි වෙත්තිලකේනි, මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සිදුකළ සැකකුර හඳුනාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේනි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






















