හිටපු අගමැති ආරක්ෂක අංශ අධ්‍යක්ෂ, කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති සහ අරලියගහ මන්දිරයේ පසුගිය දා පැවති හමුව සම්බන්ධීකරණය කළ නිලධාරියා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන් අද (11) කැඳවූ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එම නිලධාරින්ගෙන් උදෑසන 06.00 සිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.






















