කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දීයාවට පළාගොස් නොමැති බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය පවසයි.
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබුණි.
ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර යන බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.
එම ප්‍රකාශයක් අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන් පදනම් විරහිත බවද එම ට්විටර් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.






















