Sunday, November 8, 2026
HomeNEWSවිසඳුම තිබෙන තැන අනුර පෙන්වයි

විසඳුම තිබෙන තැන අනුර පෙන්වයි

නව අගමැතිවරයා පත්කිරීම උපතේදීම මළගම සනිටුහන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලා සමග අද (12) පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව පැවසීය.

“මේ වෙලාවේ රටේ මතුවී තිබෙන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් තීන්දු අරගෙන තියෙන බව පෙන්නුම් කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ ඇහුම්කන්දීමක් කිරීමට ඔවුන් සූදානම් නොමැති බව පෙන්වමින්.” 

“රනිල් වික්‍රමසිංහ හැමදාමත් රාජපක්ෂ පවුලේ ගැලවුම්කරු. ඔහු බලය ලබාගන්නේම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම රාජපක්ෂලාත් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෝ.”

“ඒක තමයි පහුගිය අවුරුදු දෙකහමාරක් ඇතුළත අපි පෙන්නුම් කරමින් තියෙන්නේ.”

“ඒ නිසා අද අවසානයේදී ජනතාව පත්වී තිබෙන විශාල පීඩාව, වංචා දූෂණ, අපරාධ ගැන විශාල උද්ඝෝෂණයක් රටේ තිබුණත් ඒ කිසිවෙකුට ඇහුම්කන් නොදී ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් අරන් තිබෙන මේ විසඳුම කියලා ඔවුන් විශ්වාස කරන දේ කවුද මේ රටේ විශ්වාස කරන්නේ.”

“මේක විශ්වාස කරන්නේ දෙන්නයි. රනිල් විශ්වාස කරනවා ගෝඨාභයව. ගෝඨාභය විශ්වාස කරනවා රනිල්ව.” 

“ඒ හැරුණුකොට මේ රටේ කිසිඳු පුරවැසියෙක් මෙවැනි කුමන්ත්‍රණකාරී සැටකපට මාලිගා කුමන්ත්‍රණ පිළිගනීවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.” 

“තෙලෙන් බැද්දත් කොබෙයියා.. 
කිරෙන් බැද්දත් කොබෙයියා.. 
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්..
කොබෙයියා බොල කොබෙයියා..”

“මේ ජනතාව අපේක්ෂා කළ වෙනසක් නෙමෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි විසඳුම තිබෙන්නේ ජනතාවට මොනතරම් ඇහුම්කන් දෙනවා ද කියන සාධකය මත කියලා.”

“ඒ නිසා මෙම කුමන්ත්‍රණය උපතේම එහි මළගම සනිටුහන් කරලා තියෙන බව තමයි අපිට පෙන්නුම් කරන්න තිබෙන්නේ.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img