Sunday, November 8, 2026
HomeNEWSසහල් මිල ගැන දැනුම්දීමක්

සහල් මිල ගැන දැනුම්දීමක්

පනවා ඇති උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට දඩ නියම කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී තනි පුද්ගල ව්‍යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව එම අධිකාරිය පැවසුවේය.

පුද්ගලික සමාගමක් විසින් ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කළහොත් ඔවුන්ට රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියන 5 ක උපරිමයක් දක්වා වූ දඩ මුදලක් නියම කරන බව සඳහන් වේ.

මීට අමතරව සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේය.

දේශීය සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයකට රුපියල් 220ක්, දේශීය සුදු හා රතු සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 230 ක් සහ දේශීය කීරි සම්බා කිලෝග්‍රෑමයකට රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

එම නියම කරනු ලැබූ මිලට වඩා වැඩි මිල ගණන් යටතේ වෙළෙඳපොළ තුළ සහල් අලෙවි කරන බවට නිරීක්ෂණය වී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img