Sunday, November 8, 2026
HomeNEWSඩොලර්වලට මන්ත්‍රීවරු විකිණෙන කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

ඩොලර්වලට මන්ත්‍රීවරු විකිණෙන කුමන්ත්‍රණයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් මුදලට විකිණෙන්නේ නැති බව එම පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (15) දිනයේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, දේශපාලන වාසි වෙනුවෙන් සිදුකරනු ලබන දේශපාලන වෙන්දේසි වෙනුවට සමගි ජන බලවේගය නිරන්තරයෙන් ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට සැදි පැහැදී සිටින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“අපේ මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ මුල්‍ය උත්සාහයක යම් යම් පුද්ගලයින් හා කණ්ඩායම් නියැලෙනවා. මෙය ඉතාමත්ම අසික්කිත ක්‍රියාවලියක්. සමගි ජන බලවේගයත්, සමගි ජන සංධානයත්, විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්. මම සතුටින් කියන්න කැමතියි මේ කුමන්ත්‍රණයට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසුවෙන්න එපා. කිසිදු මන්ත්‍රීවරයෙක් ඩොලර්වලට විකිණෙන්නේ නෑ. පවුම්වලට, යුරෝවලට විකිණෙන්නේ නෑ, තනතුරුවලට මේ රටේ ජනතාව තමන්ගේ ආත්ම ගරුත්වය, තමන්ගේ දෙමාපියන් වෙන්දේසි කරන්න අපේ මන්ත්‍රීවරු සුදානම් නෑ. සමගි ජන බලවේගයත්, සමගි ජන සංධානයත් විනාශ කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටින පුද්ගලයින්ට මම කියන්න කැමතියි තමුන්නාන්සේලා මුදලට මන්ත්‍රීවරු ගත්ත කාලය දැන් ඉවරයි. ඉතිහාසය පුරාවටම අපි දැක්කා මුදලට, වරදානවලට අපේ මන්ත්‍රීවරු එක් එක් පැති මාරු කරනවා. හොඳට මතක තබා ගන්න සමගි ජන බලවේගයට, සමගි ජන සන්ධානයට ලැබෙන සෑම මුල්‍ය ආධාරයක්ම අපි හුස්ම, සක්වළ වැඩසටහන තුළින් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට යොදවා තියෙනවා. මේ ඩොලර් කාක්කන්ට කියන්න කැමතියි ඩොලර් තියෙනවා නම් මේ රටේ බෙහෙත් හිඟයට යොමු කරන්න. මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ කුමන්ත්‍රණවලට ඒවා යොදවන්නේ නැතුව. පුළුවන් නම් මේ රටේ ගෑස් හිඟයට ඒවා යොදවන්න. දේශපාලන වාසි තකා මන්ත්‍රීවරු බිලි බා ගැනීමේ දේශපාලන සූදුවට, ඒ දේශපාලන වෙන්දේසිය ක්‍රියාත්මක කරනවා වෙනුවට අපි සැදි පැහැදි සිටිනවා ප්‍රතිපත්තිගරුක, අවංක, පිරිසිදු, මුදලට වහල් වෙන්නේ නැති දේශපාලනයකට. ඒක තමා ජනතාවගේ ඉල්ලීම.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img