ගෑස් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා පවසයි.
ඒ අනුව සභාපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ ගෑස් මෙට්රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද රාත්රියේ සිට ආරම්භ කෙරෙන බවය.
එසේම හෙට දිනයේ සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බවද ලිට්රෝ සභාපති විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.






















