Sunday, November 8, 2026
HomeNEWSඅමරකීර්ති අතුකෝරාල ඝාතනයට තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

අමරකීර්ති අතුකෝරාල ඝාතනයට තවත් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් තවත් දෙදෙනෙකුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, පසුගිය 09 වනදා ඇතිවූ සිද්ධියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් පහරකෑමෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද (17) පස්වරුවේදී එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඒ නිට්ටඹුව නම්ඹදළුව හා ජුනයිඩ් මාවත ප්‍රදේශයේදීය.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි වියේ පසුවන නිට්ටඹුව සහ පොල්ගහවෙල පදිංචි තරුණයින් බවය.

මෙම සිද්ධිය වන අවස්ථාවේදී සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් කට්ටල 2ක් සහ පිහියක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ එක් සැකකරුවෙන් තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img