පසුගිය 9 වනදා ගාලු මුවදොර සිද්ධිය ඇතිවෙමින් තිබියදී ජනපති දුන් නියෝගයට ඉහළින් නියෝග දුන්නේ කවුදැයි විමල් වීරවංශ ප්‍රශ්න කරයි.
අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
“මම දන්න විදිහට මානව කොමිසම පැත්තෙන් මට ලැබෙන ආරංචිවල හැටියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්.. ඔහුට ජනාධිපතිවරයා උපදෙස් දුන්නා අරලියගහ මන්දිරයේ සිටින පිරිස ගාලු මුවදොරට එන එක නතර කරන්න. එන්න දෙන්න එපා කියලා.”
“ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්න සූදානම් වුණා.”
“ඔහුගේ කටඋත්තරය අනුව මම මේ කියන්නේ. මම දන්නේ නෑ ඒක 100%ක් හරිද කියලා.”
“ඒ ගමන ඔහුගෙන් පොලිස්පති අහනවා දැන් මොකක්ද කරන්නේ කියලා. මෙයා කියනවා මම එන්න දෙන්නේ නෑ. මම නවත්වනවා. මට ජනාධිපතිගෙන් නියෝග ලැබුණා කියලා.”
“ඒ පාර කියනවා, ‘ඕවා කරන්න යන්න එපා..ඔයා අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්න.’ කියලා.”
“ඒ පාර දේශබන්දු තෙන්නකෝන් අමාත්‍යාංශ ලේකම්ට කතා කරනවා.”
“අමාත්‍යාංශ ලේකමුත් කියනවා, ‘ඕවා කරන්න යන්න එපා. අයියලා මල්ලිලාගේ ප්‍රශ්න. ඔතන ඉන්නේ මහින්ද අගමැතිතුමාගේ ගෝලයෝ. ඔය මිනිස්සුන්ට ගහලා අන්තිමට දෙන්නා ශේප් වෙයි. ඔයාට අමාරුවේ වැටෙන්න වෙයි. ඒ නිසා ඔයා ශේප් එකේ ඉන්න.’ කියලා.”
“හැම පොලීසියකටම නියෝගය දීලා තිබුණේ ශේප් එකේ ඉන්න කියලා”






















