පිරවුම්හල් කිහිපයක් වෙත ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි තීරණයක් ගෙන තිබේ.
ඒ අදාළ ඉන්ධන පිරවුම්හල් සංස්ථා උපදෙස් හා නීතිරීතිවලට පටහැනිව ක්‍රියාකර ඇති බවට කරුණු අනාවරණයවීමත් සමගය.
එකී ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයීම අද දින සිට වහාම අත්හිටුවීමට සංස්ථාව පියවර ගෙන තිබේ.
මාකොළ දකුණ, නාල්ල, කැලණිය සහ මීරිගම පිහිටි ඉන්ධන පිරවුම්හල් 4කට එලෙස ඉන්ධන සැපයුම අත්හිටුවා තිබේ.
සංස්ථාව දැනුම්දෙන්නේ මෙම බෙදුම්කාරත්වධුරයන් අහෝසි කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද නියමිත බවය.
























