ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නත් හටගෙන තිබේ..
නවගත්තේගම වෙලේවැව ප්රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක එම ගින්න හටගෙන තිබුණේ අද (19) රාත්රී 7.30ට පමණය.
මේ වනවිට ගින්න පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය පවසයි.
ප්රදේශයට වැසි තත්ත්වයක් පැවතිය ද ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.
වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව දැනට මාස කිහිපයක සිට වසාදමා තිබූ එකක් බවය.
මෙම ප්රදේශය ආසන්නයේ කිසිදු පළාත් පාලන ආයතනයක ගිනිනිවීමේ උපකරණ නොමැති අතර
පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෙනත් ප්රදේශයකින් ගිනිනිවීමේ උපකරණ රැගෙනඒමට නොහැකි තත්ත්වයක් පවතින බවද ප්රදේශවාසීන් පවසයි.






















