අද පෙරවරුවේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා වෙත නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධුරයද පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරයද ලබාදීමට නියමිත බවට වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර අධිකරණ අමාත්‍ය ධුරය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.
නව අමාත්‍යවරුන් දිරුවුරුම්දීම පිළිබඳව වැඩිදුර තොරතුරු බළාපොරොත්තු වන්න.






















