රට තුළ විද්‍යාත්මක සහ සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළයුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (23) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ආහාර බෝග, පශු සම්පත් සහ අපනයන බෝග පිළිබඳව ද පොහොර, බීජ සහ ඉන්ධන ගැටලුව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාකර ඇති බව වාර්තා විය.
මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් පමණ වන අතර දැනට පවතින සහල් ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත.
මීළඟ කන්නයේ අස්වනු නෙලීමට හැකි වන්නේ පෙබරවාරි මාසයේ බැවින් එතෙක් පැවතිය හැකි ආහාර හිඟයට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම නාගරික ප්‍රදේශවලට ආහාර සැපයීම පිළිබඳව කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල වගා සංග්‍රාමය හා ආහාර සැපයීම සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පා ම මධුර විතානගේ, පා ම මනෝ ගනේෂන්, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානාය සහ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත.
එමෙන්ම දැනට පවතින ආහාර ප්‍රමාණය පිළිබඳ දත්ත රැස්කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත්කර ඇති බව වාර්තා වේ.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද වාණිජ මණ්ඩල නියෝජිතයන්, භාණ්ඩාගාර නියෝජිතයන් සහ ආර්ථික උපදේශකයින් සමඟ ද සාකච්ඡා කර තිබේ.






















