ලිට්රෝ ගෑස් සමාගම විසින් අද (02) දිනයේ දිවයින පුරා ගෑස් බෙදාහරින ස්ථාන පිළිබඳව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සමාගම පවසයි.
ඉන් සියයට 60ක ප්රමාණයක් කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල බෙදා හැරීමට නියමිතය.
පසුගිය අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000 බැගින් බෙදාහැරීමට කටයුතු කළ බව ලිට්රෝ සමාගම සඳහන් කළේය.
ලිට්රෝ ගෑස් සමාගම විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.
ලිට්රෝ ගෑස් සමාගම විසින් නිකුත් කළ නිවේදනය by poornima on Scribd






















