වැල්ලව පොලිස් වසමේ, හිරිපිටිය ප්රාදේශීය රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ගොඩනැගිල්ල පරීක්ෂා කිරීමේ දී ගින්නෙන් ඖෂධ ගබඩා කර තිබු රාක්කය අසල ප්රධාන විදුලි පේනුව ගිනිගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම ඖෂධ ගබඩාවේ ඖෂධ සුළු කොටසක් ගින්නෙන් විනාශ වී ඇති අතර,ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
වැල්ලව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.






















