Monday, November 9, 2026
HomeNEWSජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ගන්න යන ණය ගැන අනාවරණයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ගන්න යන ණය ගැන අනාවරණයක්

අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් කඩිනමින් ලබාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

රොයිටර්ස් පුවත් සේවය පෙන්වාදෙන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බවය.

ඒ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ජුනි මස අවසන් වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළඹීමට බලාපොරොත්තු වන බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගියදා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යහුත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණි.

ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධනයන් ඉදිරිපත් කිරීම, වැට් බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මත මෙතෙක් සියයට අටක්ව පැවති වැට් බදු අනුපාතය සියයට 12 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img