Sunday, November 8, 2026
HomeNEWS21ක ගැන අවසන් සාකච්ඡාවකට හෙට සියලු පක්ෂ රැස්වෙයි

21ක ගැන අවසන් සාකච්ඡාවකට හෙට සියලු පක්ෂ රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හෙට (03) දිනයේ පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ලබන සඳුදා දිනයේ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර සියලු පක්ෂවල නායකයින් සමග ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට බලාපොරොත්තු වන බවය.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ද නියමිතව තිබේ.

පෙරවරුව 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අදාළ දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය.

මේ අතර ඊයේ රාත්‍රී “ටීවි දෙරණ” ඔස්සේ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ද 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙසේ අදහස් පළ කළේය.

“පක්ෂ නායකවරුන් එක්ක අපි සාකච්ඡා කරනවා සිකුරාදා. කැබිනට් මණ්ඩලයට ගන්න වෙන්නේ සඳුදා ට.”

ප්‍රශ්නය – ජනාධිපතිවරයාට ලිපියකින් අගමැතිවරයාව ඉවත් කළ හැකියි කියන වාක්‍ය ඇතුළු කරලා ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ?

“ඒක මට තීරණය කරන්න බෑ. මොකද දැන් පක්ෂ නායකවරු සිකුරාදා හම්බ වුණාට පස්සේ, ඒ අය දරණ මතය එක්ක තමා තීරණය වෙන්නේ. මට ඕනෙම දේ ගෙන්න බෑ මම අධිකරණ ඇමති වුණා කියලා. මම ගේන්න ඕනේ පාර්ලිමේන්තුවේ අතිබහුතරයකගේ ඡන්දය ලබාගන්න පුළුවන් ආකාරයේ එකක්නේ. මට ප්‍රසස්ථ එකක් තිබුණත් ගෙනත් වැඩක් නෑ ඡන්ද ලැබෙන්නේ නැත්නම්. ස්තූතිවන්ත වෙනවා හැම දේශපාලන පක්ෂයක්ම මේ සම්බන්ධයෙන් වටිනා අදහස් ගෙනල්ලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න පුළුවන් මට්ටමේ වැදගත් ඒවා අපි ඇතුළු කරන්න උත්සහ කරනවා.”

එම වැඩසටහනට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේ, වත්මන් ව්‍යවස්ථාව තවදුරටත් සංශෝධනය කිරීමෙන් ඵලක් නොවන බැවින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිදුකළ යුතු බවය.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංවාදයක් ඊයේ පස්වරුවේ කොළඹ දී පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img