රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වෙයි.
ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
ඒ අනුව ජල පිරිපහදු ක්රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති අතර ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සංගමය අනතුරු අඟවයි.






















