Sunday, November 8, 2026
HomeNEWSජනපතිවරයෙක් පත්කර ගැනීම ට අදාළ කරුණු ගැන දැනුම්දීමක්

ජනපතිවරයෙක් පත්කර ගැනීම ට අදාළ කරුණු ගැන දැනුම්දීමක්

ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (16) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එහිදී ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා 2022 ජූලි මස 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීම හේතුකොට ගෙන ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා අද (16) එලෙස පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබුණි.

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව, ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇතිවූ විට, ඒ පුරප්පාඩුව ඇතිවී දින තුනක් ඇතුළත රැස්වීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමක් සේ ක්‍රියාත්මක විය යුතු බැවින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් අද දින පාර්ලිමේන්තුව රැස්වන බවට මන්ත්‍රීවරයන්ට දැනුම්දීම පිණිස නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය ද මහලේකම්වරයා විසින්  සභාවට ඉදිරිපත් කරන ලදී.

තමා විසින් නාමයෝජනා භාරගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතු බැවින් එකී දිනය සහ වේලාව වශයෙන් 2022 ජූලි මස 19 වන අඟහරුවාදා පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වී නාමයෝජනා භාරගැනීමේ කාර්යයේ නිරතවිය යුතු බවත් මහලේකම්වරයා සභාවට දන්වා සිටියේය. 

ඒ, උක්ත දක්වා ඇති පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව, අද රැස්වීමේ දින සිට පැය 48 කට කලින් නොවන්නා වූ සහ දින 7කට පසු නොවන්නා වූ දිනයක් ලෙසය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පහසුව පිණිස අදාළ පනතේ 6 වැනි වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව නාමයෝජනා භාරගැනීම සම්බන්ධයෙන් වන කරුණු ද ධම්මික දසනායක මහතා සභාවට ඉදිරිපත් කළේය.

මහලේකම්වරයාගේ එම නිවේදනය පහත පරිදිය,

• පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා තේරීම්භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කරනු ලබන බව දන්වා සිටිමි.

• පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යෝජනා කිරීමට අදහස් කරන සෑම මන්ත්‍රීවරයෙකුම එසේ යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා එසේ තෝරා පත්කර ගනු ලැබුවහොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට ඔහු කැමති බවට ලිඛිත එකඟත්වය කලින් ලබාගත යුතු අතර එහි පිටපතක් නාමයෝජනා භාරගනු ලබන 2022 ජූලි මස 19 වන අඟහරුවාදා මා වෙත භාරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 

• නාම යෝජනා භාරගන්නා දිනයේදී, නාමයෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභාගර්භය තුළට පැමිණ සිටිය යුතු අතරම ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කරනු ලැබිය යුතුය.  ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවසර නොමැති බව සඳහන් කරනු කැමැත්තෙමි.

• එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් පමණක් 2022 ජූලි මස 19 වන අඟහරුවාදා යෝජනා කර, ස්ථීර කරනු ලැබුවහොත් මා විසින් එසේ යෝජනා කරනු ලැබූ මන්ත්‍රීවරයා පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කරනු ලැබ තිබෙන බව ප්‍රකාශයට පත්කරනු ඇත.

• කෙසේවෙතත්, 2022 ජූලි මස 19 වන අඟහරුවාදා එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙ‍නෙකුගේ නම් යෝජනා කරනු ලැබ ස්ථීර කරනු ලබයි නම් 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන ප්‍රකාරව නාමයෝජනා  භාරගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව නොවූ දිනයක ඡන්ද විමසීම සිදුකරනු ලබන අතර එකී දිනය හා වේලාව පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලැබිය යුතුය.

• ඒ අනුව, දැනට අදහස් කර ඇති පරිදි පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන 2022 ජූලි මස 20 වන බදාදා පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වා ජනාධිපති ධුරය සඳහා ඡන්ද විමසීම සිදුකළ හැකිය.

• එලෙසම මන්ත්‍රීවරුනී, පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධුරය සඳහා යම් මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයෙකු වශයෙන් තෝරා පත්කර ගැනීමට දක්වා ඇති නුසුදුසුකම් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව දන්වා සිටීමට කැමැත්තෙමි.

අද පාර්ලිමේන්තුව පෙරවරු 10.00 ට රැස්වූ අතර උක්ත දැක්වූ නිවේදනවලින් අනතුරුව පෙරවරු 10.15 ට පමණ පාර්ලිමේන්තුව ලබන 19 වනදා පෙරවරු 10.00 දක්වා කල් තැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img