රට පුරා හදිසි නිතිය යළි බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි මහජන ආරක්ෂක අඥාපනතේ දෙවන වගන්තිය යටතේ දිවයින පුරා හදිසි නිතිය බලපැවැත්වෙනු ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) දිනයේ දි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යතාපැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය බලාත්මක කර ඇති බව සඳහන්ය.
ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.























