Sunday, November 8, 2026
HomeNEWSමෝටර් රථයක් දුම්රියේ ගැටෙයි - දරුවන් දෙදෙනෙක්, ගැබිනියක් ඇතුළු 6කට තුවාල

මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි – දරුවන් දෙදෙනෙක්, ගැබිනියක් ඇතුළු 6කට තුවාල

අද (18) උදෑසන ගාල්ල – මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටිය දී මෝටර් රථයේ සිටි පිරිස එම අනතුරට මුහුණ දී තිබේ.

අනතුරින් රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුර ඇසින් දුටු පුද්ගලයෙක් පවසා සිටියේ, අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙමින් තිබිය දී එය නොතකා මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ බවය.

“මම ගේ ගාව හිටියේ. මෙතැන කෝච්චියේ එලාම් එක වැදුනා. මම අතින් කෑ ගැහුවා දාන්න එපා… දාන්න එපා කියලා. එහෙම ම වාහනේ මැදම නැවතුනා ඇවිල්ලා. කට්ටියත් එක්කම. මීටර් 5ත් – 10ත් වගේ කෝච්චිය තිබුණේ. වැදුන ගමන් උඩින් ගියේ. කට්ටිය අරගෙන ඉස්පිරිතාලේ ගිහින් දාලා ආවේ. මොනවා වෙලා ද දන්නේ නෑ. ප්‍රෙග්නට් අම්මා කෙනෙක් හිටියා. පොඩි දරුවෝ දෙන්නෙක් හිටියා. පිරිමි තුන්දෙනෙක් වගේ හිටියා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img