ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු පහළ දැමීම අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වේ.
ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, සංශෝධන ගාස්තු පිළිබඳ නිර්දේශය ඊයේ (18) ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකළ බවය.
ඉන්ධන මිල පහළ දැමීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජාතික ගමනාගමන කොමිශන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.






















