ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය, දුම්රිය සහ ට්රක්රථ මඟින් ග්රාමීය ඩිපෝ වෙත ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (19) සිට සිදුකිරීමට පියවර ගෙන තිබේ.
බලශක්ති අමාත්යංශය පැවසුවේ ඊයේ (18) වන විට මෙරටට පැමිණි ඩීසල් නෞකා 02ක ඉන්ධන ගොඩබෑම සිදුකළ බවය.
කොළඹ වරායේ ඇති තවත් ඩීසල් නෞකාවක ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණි.
එමෙන්ම දිවයිනට පැමිණි පෙට්රල් නෞකාවක සාම්පල පරීක්ෂා කිරීම් ඊයේ සිදුකෙරුණු අතර එහි ගොඩබෑමේ කටයුතු ද කඩිනමින් ආරම්භ කරන බව අමාත්යංශය ඊයේ සඳහන් කළේය.
කෙසේවුවද ඉන්ධන නිකුත් කිරීම ජාතික ඉන්ධන බලපත්රය හරහා ලබන බ්රහස්පතින්දා සිට ක්රියාත්මක කිරීමට නියමිතය.
එබැවින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැඳී






















